(RIVIRA.LK, 2020 ජුනි 27 පස්වරු 09.44ට)
සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් MCC ගිවිසුම පිළිබඳ සමාලෝචන කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව ජුනි 25 දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබිණ.
එහිදී අදාළ වාර්තාව ජනතාව වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණා. මේ අනුව අදාළ වාර්තාව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා ලබා ගනිමින් සහ ඒවා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කෙරිණ.
පිටු 59 කින් යුක්ත වූ එම වාර්තාව මෙතැනින්.

