(RIVIRA.LK, 2020 ජුනි 28 පස්වරු 06.08ට)
කොවිඩ්-19 ලෝක වසංගත තත්වය හේතුවෙන් ජුනි 28 පස්වරු 4 වන විට ලොව පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 216ක ආසාදිතයින් 10,109,894ක් හෙවත් මිලියන 10.1කට අධික පිරිසක් වාර්තා වන අතර ඉන් 501,874 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුවය ලබා ඇති ප්‍රමාණය 5,482,002කි.
මේ වන විට ලෝකය පුරා කොවිඩ්-19 හේතුවෙන් සිදුවූ
- මරණ අනුපාතය – 5%
- සුව වූ පිරිසේ අනුපාතය – 54.22%
මේ වන විට සමස්ත ආසාදිතයින් ප්‍රමාණය අතින් රටවල් 4ක ආසාදිතයින් ප්‍රමාණය 500,000 ඉක්මවා ගොස් ඇති අතර පිළිවෙලින් ඇමරිකාව, බ්‍රසීලය, රුසියාව හා ඉන්දියාව සිටී. ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය හා ඉතාලිය යන රටවල් ඒ අතර සිටී.
එමෙන්ම ඉහත රටවල් හැරුණුකොට ආසාදිතයින් 200,000 ඉක්මවා ගිය රටවල් 8ක් ඇති අතර පිළිවෙලින් එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, පේරු, චිලී, ඉතාලිය, ඉරානය, මෙක්සිකෝව හා පාකිස්ථානය සිටී.
එමෙන්ම රටවල් 9ක මරණ 10,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අතර පිලිවෙළින් ඇමරිකාව, බ්‍රසීලය, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, මෙක්සිකෝව, ඉන්දියාව හා ඉරානය සිටිනවා.
ඇමරිකාවේ තත්වය
වෛරසයෙන් මේ වන විටත් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එහි ආසාදිතයින් ප්‍රමාණය 2,596,771ක් වන අතර එය බොහෝ කලක් ලොව පුරා වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ව තිබුණ ද මේ වන විට හතරෙන් එකක් (1/4) පමණ මට්ටමට අඩු වී තිබෙනවා. ඉන් 128,152 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. වෛරසය හේතුවෙන් රටක් තුළ වැඩිම මරණ වී ඇත්තේ ඇමරිකාව තුළයි. ඇමරිකාවේ මෙතෙක් සුවය ලබා ඇත්තේ 1,081,494ක් පමණයි. සක්‍රීය ආසාදිතයින් 1,387,125ක් හෙවත් මිලියනයකට වැඩි පිරිසක් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 7,846ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 387කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 96,684ක් පමණ වේ. රට තුළ සිදුකර ඇති සමස්ත කොරෝනා පරීක්ෂණ ගණන මිලියන 32කට අධිකයි.
බ්‍රසීලයේ තත්වය
කෙටි කාලයක් තුළ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා කරමින් තවමත් දෙවැනි ස්ථානයේ පසුවන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. මේ වන විට ආසාදිතයින් 1,315,941ක් හෙවත් මිලියන 1.3ක් වාර්තා වී ඇති අතර ඉන් 57,103ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 715,905ක් සුවය ලබා ඇති අතර 542,933ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 6,191ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 269කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 13,766ක් පමණ වේ.
රුසියාවේ තත්වය
ලොව තෙවන වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ රුසියාවයි. මේ වන විට සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 634,437ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9,073ක් වීම සාපේක්ෂව හොඳ තත්වයක් ලෙස හඳුනා ගත හැක. මේ වන විට 399,087ක් සුවය ලබා ඇති අතර 226,277ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 4,347ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 62කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 130,504ක් පමණ වේ. සමස්ත පරීක්ෂන මිලියන 19ක් සිදුකර ඇත.
ඉන්දියාවේ තත්වය
කෙටි කාලයක් තුළ ආසාදිතයින් ගණන වැඩි වීමත් සමග ලොව හතරවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්‍රමාණයක් 530,993ක් වේ. මැයි 17 වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 91,314ක් පමණ යි. සමස්ත ආසාදිතයින් අතරින් 16,124ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 311,001ක් සුවය ලබා ඇති අතර 203,868ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 385ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 12කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 5,963ක් පමණ ඉතා අඩු ප්‍රමාණයකි.
එක්සත් රාජධානිය
ලොව පස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම ප්‍රමාණය 310,250කි. ඉන් 43,514ක් මරණයට පත්ව තිබේ. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 4,570ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 641කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 133,576ක් පමණ ඉහළ අගයක් ගනී.
ස්පාඤ්ඤයේ තත්වය
ලොව හයවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ස්පාඤ්ඤයයි. මේ වන විට ආසාදිතයින් 295,549ක් වාර්තා වී ඇති අතර ඉන් 28,341 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 196,958ක් සුවය ලබා ඇති අතර 70,250ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 6,321ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 606කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 110,426ක් පමණ වේ.
පේරු තත්වය
කෙටි කාලයක් තුළ ආසාදිතයින් වාර්තා කරමින් ලොව හත්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා කරන්නේ පේරු රාජ්‍යයෙන් වන අතර එම ප්‍රමාණය 275,989ක් වේ. ඒ අතරින් 9,135ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 164,024ක් සුවය ලබා ඇති අතර 102,830ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 8,372ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 277කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 49,297ක් පමණ වේ.
චිලී තත්වය
ලොව අටවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ චිලී රාජ්‍යයෙනි. එම ප්‍රමාණය 267,766ක් වේ. ඒ අතරින් 5,347 ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 228,055ක් සුවය ලබා ඇති අතර 34,364ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 14,008ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 280කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 55,522ක් පමණ වේ.
ඉතාලියේ තත්වය
ලොව නවවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. මේ වන විට ඉතාලියේ සමස්ථ ආසාදිතයින් 240,136ක් වාර්තා වී ඇති අතර ඉන් 34,716ක් මියගොස් තිබෙනවා. ආසාදිතයින් 188,584ක් සුවය ලබා ඇති අතර 16,836ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 3,972ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 574කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 87,282ක් පමණ වේ.
ඉරානයේ තත්වය
ලොව දසවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉරානයෙන් වන අතර එම ප්‍රමාණය 222,669ක් වේ. ඒ අතරින් 10,508ක් මරණයට පත් වී ඇත. ආසාදිතයින් 183,310ක් සුවය ලබා ඇති අතර 28,851ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 2,651ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 125කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 19,182ක් පමණ වේ.
මෙක්සිකෝවේ තත්වය
ලොව එකොලොස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ මෙක්සිකෝවයි. මේ වන විට එහි ආසාදිතයින් 212,802ක් වාර්තා වී ඇති අතර ඉන් 26,381ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 123,797ක් සුවය ලබා ඇති අතර 62,624ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 1,651ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 205කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 4,274ක් පමණ වේ.
පාකිස්ථානයේ තත්වය
ඉන්පසු ලොව 12 වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ පාකිස්ථානයෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 202,955ක් වාර්තා වී ඇති අතර ඉන් 4,118 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 92,624ක් සුවය ලබා ඇති අතර 106,213ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 919ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 19කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 5,611ක් පමණ වේ.
ආසාදිතයින් ලක්ෂයට වඩා වැඩියෙන් වාර්තා වන රටවල තත්වය කෙටියෙන් පහත වගුවේ දක්වා ඇත.
No | රට | සමස්ත ආසාදිතයින් ගණන | මරණ | සුවය ලැබූ ගණන | සක්‍රීය ගණන | මිලියනයකට ආසාදිතයින් ගණන | මිලියනයකට මරණ ගණන | පීසීආර් ගණන | මිලියනයකට පීසීආර් ගණන |
1 | ඇමරිකාව | 2,596,771 | 128,152 | 1,081,494 | 1,387,125 | 7,846 | 387 | 32,000,928 | 96,684 |
2 | බ්‍රසීලය | 1,315,941 | 57,103 | 715,905 | 542,933 | 6,191 | 269 | 2,925,935 | 13,766 |
3 | රුසියාව | 634,437 | 9,073 | 399,087 | 226,277 | 4,347 | 62 | 19,044,954 | 130,504 |
4 | ඉන්දියාව | 530,993 | 16,124 | 311,001 | 203,868 | 385 | 12 | 8,227,802 | 5,963 |
5 | එංගලන්තය | 310,250 | 43,514 | N/A | N/A | 4,570 | 641 | 9,067,577 | 133,576 |
6 | ස්පාඤ්ඤය | 295,549 | 28,341 | N/A | N/A | 6,321 | 606 | 5,162,909 | 110,426 |
7 | පෙරු | 275,989 | 9,135 | 164,024 | 102,830 | 8,372 | 277 | 1,625,135 | 49,297 |
8 | චිලී | 267,766 | 5,347 | 228,055 | 34,364 | 14,008 | 280 | 1,061,274 | 55,522 |
9 | ඉතාලිය | 240,136 | 34,716 | 188,584 | 16,836 | 3,972 | 574 | 5,277,273 | 87,282 |
10 | ඉරානය | 222,669 | 10,508 | 183,310 | 28,851 | 2,651 | 125 | 1,610,869 | 19,182 |
11 | මෙක්සිකාව | 212,802 | 26,381 | 123,797 | 62,624 | 1,651 | 205 | 551,052 | 4,274 |
12 | පාකිස්ථානය | 202,955 | 4,118 | 92,624 | 106,213 | 919 | 19 | 1,239,153 | 5,611 |
13 | තුර්කිය | 195,883 | 5,082 | 169,182 | 21,619 | 2,323 | 60 | 3,231,835 | 38,324 |
14 | ජර්මනිය | 194,689 | 9,026 | 177,500 | 8,163 | 2,324 | 108 | 5,412,655 | 64,604 |
15 | සවුදි අරාබිය | 178,504 | 1,511 | 122,128 | 54,865 | 5,128 | 43 | 1,500,516 | 43,110 |
16 | ප්‍රංශය | 162,936 | 29,778 | 75,649 | 57,509 | 2,496 | 456 | 1,384,633 | 21,213 |
17 | බංගලාදෙශය | 137,787 | 1,738 | 55,727 | 80,322 | 837 | 11 | 733,197 | 4,452 |
18 | දකුණු අප්‍රිකාව | 131,800 | 2,413 | 67,094 | 62,293 | 2,223 | 41 | 1,529,009 | 25,784 |
19 | කැනඩාව | 103,032 | 8,516 | 65,973 | 28,543 | 2,730 | 226 | 2,640,315 | 69,963 |
සම්බන්ධිත පුවත්

