(RIVIRA.LK, 2020 ජුනි 28 පස්වරු 09.01ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 28 ඉරිදා පස්වරු 8.30 වන විට 2,036ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 03ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 22ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දැනට වාර්තා වූ ආසාදිතයින් 03 දෙනාගෙන්,
- කුවේට් සිට පැමිණි 1යි – (ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය)
- ඉන්දියාවේ සිට පැමිණි 1යි – (දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය)
- පාකිස්ථානයේ සිට පැමිණි 1යි- (වයික්කාල් නිරෝධායන මධ්‍යස්ථානය)
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,661කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 364ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරනවා.
දෛනික වාර්තාව – සුවය ලැබූ ගණන සියයට 81 දක්වා ඉහළට

