(RIVIRA.LK, 2020 ජුනි 29 පෙරවරු 07.08ට)
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ජුනි 29 වන සඳුදා අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.
මෙම ගුවන් මගීන් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 206 දරන විශේෂ ගුවන් යානය ජුනි 29 අලුයම 4.30 ට ඕමානයේ මස්කට් නුවර ගුවන් තොටුපළෙන් පිටත් වී කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වී තිබෙනවා.
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන්තොටුපළ තුළදී ම පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කර ඇත.
මේ අතර ජුනි 28 වන දින රාත්‍රී 9.30ට හොංකොං හි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

