,
News

පාසල් විවෘත කිරීමේ පළමු අදියර අද

(RIVIRA.LK, 2020 ජුනි 29 පෙරවරු 07.26ට)

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මස 13 වන දින සිට වසා දමා තිබුණු පාසල් විවෘත කිරීමේ අදියර 4ක් යටතේ ක්‍රියාත්මක වන වැඩපිළවෙලෙහි පළමු අදියර ජුනි 29 වන දින සඳුදා දිනයේ ක්‍රියාත්මක විය.

ඒ අනුව, අද දිනයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

අද සිට සතියක කාලයක් පාසල්වල විෂබීජහරණය, පිරිසිදු කිරීම්, කාලසටහන් සකස් කිරීම් ඇතුළු පාසල් ආරම්භයට අදාළ කටයුතු සම්පාදනය කිරීම සිදුකළ යුතු වන අතර පාසල් වෙත සිසුන් කැඳවී සිදු වන්නේ ජුලි මස 6 වන දින සිටය. එදිනට 5, 11 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට පාසල් ආරම්භ කිරීම සිදු කෙරෙයි.

10 සහ 12 ශ්‍රේණි සඳහා ජූලි මස 20 වනදා පාසල් විවෘත කර අතර 3, 4, 6, 7, 8 හා 9 යන ශ්‍රේණි සඳහා ජූලි මස 27 වනදා පාසල් විවෘත කිරීම සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

නමුත්, 1 හා 2 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය වන පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Rivira Ads
To Top