(RIVIRA.LK, 2020 ජුනි 29 පස්වරු 02.22ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 29 සඳුදා පස්වරු 02.12 වන විට 2,037ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුනි 29 දිනය තුළ කිසිදු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,678කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 348ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 40ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 82%ක් ලෙසත් මරණ අනුපාතය 0.5%ක් ලෙසත් වාර්තා වේ.
වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 14ක් ද සිටිනවා.
මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 2,037 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 30
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 747
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 947
- වෙනත් – 313
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 348 අතුරින්,
- IDH රෝහල – 40
- වැලිකන්ද මූලික රෝහල – 75
- මුල්ලේරියාව මූලික රෝහල – 04
- ඉරණවිල මූලික රෝහල – 14
- කාත්තන්කුඩි මූලික රෝහල – 45
- හෝමාගම මූලික රෝහල – 22
- මිනුවන්ගොඩ මූලික රෝහල – 23
- හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 76
- තෙල්දෙණිය මූලික රෝහල – 42
- යුද හමුදා රෝහල පනාගොඩ – 04
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 03 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 105,105ක් වන අතර ජුනි 28 දින පරීක්ෂණ 833ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.
