විද්‍යා පීඨ යළි විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
විද්‍යා පීඨ ආරම්භ කිරීම සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වුවද, නේවාසිකාගාර සෞඛ්‍යය රෙගුලාසිවලට අනුකූලව සකස් කිරීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ අනුව නේවාසිකාර සකස් විය යුතු ආකාරය පිළිබඳ සියලු උපදෙස් මේ වනවිට සියලු පීඨාධිපතිවරුන්ට යොමු කර ඇතැයි ද අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.
