විදේශ

ටාජ් හෝටල් සමූහයේ හෝටල් දෙකකට ලැබුණු දුරකථන ඇමතුම් දෙකක් ගැන ඉන්දියාව අවධානයෙන්

Police personnel stand guard near the Taj Mahal Hotel in Mumbai on Tuesday. Punt Paranjpe/AFP

(RIVIRA.LK, 2020 ජුනි 30 පස්වරු 6.09ට)

දකුණු දිග මුම්බායි හි පිහිටි ටාජ් සමුහයට අයත් හෝටල් දෙකකට 26/11 ත්‍රස්ත ප්‍රහාරයට සමානව තර්ජනාත්මක දුරකථන ඇමතුම් දෙකක් පාකිස්ථානයේ සිට ලැබී ඇති බව ඉන්දීය පුවත් සේවාවන් වාර්තා කරනවා.

කලබාහි පිහිටි ටාජ් මහල් පැලස් හෝටලයට සහ බන්ඩ්‍රාහි පිහිටි ටාජ් ලෑන්ඩ්ස් එන්ඩ්ස් යන හෝටල් දෙකට ජුනි 29 වන දින පාන්දර 2.30ට පමණ මෙම දුරකථන ඇමතුම් ලැබී ඇති අතර පොලීසිය විසින් එම ඇමතුම් ලබා දුන් තැනැත්තන් හඳුනාගැනීමට විමර්ශන කටයුතු සිදු කරන බව ද විදෙස් මාධ්‍යයන් වාර්තා කරයි.

2008 වර්ෂයේ නොවැම්බර් 26 වෙනිදා සුප්‍රකට ටාජ් මහල් පැලස් හෝටලයට එල්ල කළ ආකාරයට සමාන ප්‍රහාරයක් මෙම හෝටල් දෙකට ද එල්ල කරන බවට එම දුරකථන ඇමතුම් වලින් කියැවි ඇති බව පොලිසිය සඳහන් කරයි..

ඒ අනුව එම හෝටල් දෙකේ ආරක්ෂාව දැඩි කිරිමට එරට ආරක්ෂක අංශ විසින්
මේ වන විට කටයුතු යොදා තිබෙනවා.

2008 වර්ෂයේ දී මුම්බායි නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 166 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූවා. එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ලක්ෂාර් -ඊ – ටායිබා ( Lashkar-e-Taiba) නම් ත්‍රස්ත සංවිධානය විසින්ය. එම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි 10 දෙනෙකු ගෙන් යුත් ත්‍රස්ත කණ්ඩායමෙන් 09 දෙනෙකු ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ අතර අනෙක් ත්‍රස්තවාදියාට මරණ දඬුවම හිමි විය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top