(RIVIRA.LK, 2020 ජුනි 30 පස්වරු 09.01ට)
මෙතෙක් නිල වාහන නැවත බාර නොදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට ලබා දී තිබූ වාහන 5ක් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජුනි 30 දින කියා සිටියා.
මෙතෙක් නිල වාහන බාර නොදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව ද මැතිවරණ කොමිසන් සභාව කියා සිටියා. එහිදී වැඩිදුරටත් සඳහන් වූයේ හිටපු සෙසු රාජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ද සිය අවධානය යොමු කර ඇති බවයි.
අමාත්‍යවරුන්ගේ නිල වාහන සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ලබා දී තිබූ නිල වාහන එම අමාත්‍යවරුන් කටයුතු කළ අමාත්‍යාංශය වෙතම වහා බාර ගැනීමට පියවර ගන්නැයි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ද නියෝග කර ඇති බව මැතිවරණ කොමිසම පෙන්වා දුන්නා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල කාලය 2020 මාර්තු 02 දිනයෙන් අවසන්ව ඇති බැවින් කිසිදු හේතුවක් මත ඔවුන් භාවිත කළ නිල වාහන සන්තකයේ තබාගැනීම නීති විරෝධී බවත් එලෙස භාවිතා කරමින් සිටියදී එම වාහන අත්අඩංගුවට පත් වීමක් සිදුවුවහොත් අදාළ මන්ත්‍රීවරයා යළි පාර්ලිමේන්තුවට තේරී පත්වුවත් තම ආසනය අහිමි වීමේ අවදානමකට මුහුණ දෙන බවයි.
මැතිවරණ කොමිසමේ එම මැදිහත් වීම අගය කළ යුතු තත්වයක් වුවත් කණගාටුවට කරුණක් වන්නේ යහපාලන රජයේ අමාත්‍යධූර දැරූ 20කට අධික පිරිසක් තවමත් ඔවුන්ට හිමි වූ නිල නිවාසවල රැඳී සිටීම පිළිබඳ මැතිවරණ කොමිසමේ අවධානය යොමු නොවීමයි.
මේ සම්බන්ධයෙන් රිවිර.lk අවස්ථා කිහිපයකදීම වාර්තා කළ අතර මේ වන විටත් අදාළ නිල නිවාස භාවිතා කරන හිටපු අමාත්‍යවරුන් 22 දෙනෙකුට එරෙහිව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ අවධානය මේ සම්බන්ධයෙන් ද යොමු වන්නේ එය ද ජනතාව ලබන ජයග්‍රහණයකි.
සම්බන්ධිත පුවත්
- ඇමති සැප අත් නොහැරි “යහපාලන ඇමතීන්” ගැන අධිකරණ කටයුතු මැයි 11 සිට
- ඇමති සැප අත් නොහැරි හිටපු ඇමතීන්ගෙන් දඩ කුලී, දෙවන සිහිකැඳවීමත් යවයි
- ඇමති සැප අත් නොහැරි ඇමතීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි
- හිටපු ඇමතීන් නිල නිවාස, වාහන, ආරක්ෂකයින් බාරදීලා නෑ

