එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
(RIVIRA.LK, 2020 ජුලි 01 පෙරවරු 07.36ට)
කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් ජනපදයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 193 දෙනෙකු ජුනි 30 පස්වරු 6.30ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා.
මෙම ගුවන් මගීන් පිරිසෙන් වැඩි පිරිසක් ඩුබායි හි රැකියා සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් වේ. ඩුබායි හි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 232 දරණ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි පසුව එහිදීම පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කෙරුණි.