(RIVIRA.LK, 2020 ජුලි 01 පස්වරු 02.45ට)
චීනය විසින් මතභේදාත්මක හොංකොං දේශයෙහි ආරක්ෂක පනත චීන පාර්ලිමේන්තුවේ දි සම්මත කර ගෙන ඇති අතර එය ජුලි 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
රාත්‍රියේ දී පනවනු ලැබූ එම ආරක්ෂක නීතියට එරෙහිව හොංකොංහි විරෝධතාකරුවන් පාරට බැස විරෝධතාවය පළ කළ අතර නව නීතිය යටතේ ජුලි 01 වන දින ම විරෝධතාකරුවන් අතර කළු කොඩියක් දරා සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් ජල ප්‍රහාර හා ගම්මිරිස් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින අතර අවම වශයෙන් මේ වන විට පුද්ගලයින් 70ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු නව නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය හොංකොං දේශයේ ත‍්‍රස්තවාදය හා විදේශ මැදිහත්වීම් පාලනය සඳහා ගෙන එන බව චීනය සඳහන් කළද මේ මගින් හොංකොං දේශයේ නිදහස හා මානව හිමිකම් මෙන්ම ස්වයං පාලනය මුළුමනින්ම අහෝසි වන බව ජාත්‍යන්තරයේ මතයයි.
මේ වන විට හොංකොං ප‍්‍රශ්නය හේතුවෙන් ලොව බොහෝ රටවල් චීනයට දැඩි විරෝධය පළ කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රධාන පෙලේ චීන නායකයන් ගණනාවකට වීසා ලබා නොදීමට තීරණය කර තිබේ.
එම ආරක්ෂක පනතට ඇතුළත් නීතියේ විස්තර පහත පරිදි වේ.
වෙන්වීම, කඩාකප්පල් කිරීම, ත්‍රස්තවාදය සහ විදේශීය බලවේග සමඟ සම්බන්ධකම් පැවැත්වීම වැනි අපරාධ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකිය
ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝනය කරන සමාගම් හෝ කණ්ඩායම්වලට දඩ මුදල් අය කෙරෙන අතර මෙහෙයුම් අත්හිටුවිය හැකිය.
ඇතැම් ප්‍රවාහන වාහන හා උපකරණවලට හානි කිරීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ
ආරක්ෂක නීති උල්ලංඝණනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවෙකුට ඕනෑම හොංකොං මැතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩ නොදේ.
නව ජාතික ආරක්ෂක ඒජන්සියක සහ හොංකොං හි එහි කාර්ය මණ්ඩලයේ කටයුතු පළාත් පාලන බලයට යටත් නොවේ.
ජාතික ආරක්ෂාවට අනතුරක් යැයි සැක කරන පුද්ගලයින් අධීක්ෂණය කිරීමට හා
ඔවුන්ගේ රැහැන්ගත කිරීමට බලධාරීන්ට හැකිය.
හොංකොං හි ස්ථිර හා ස්ථිර නොවන පදිංචිකරුවන්ට මෙම නීතිය අදාළ වේ.
හොංකොං හි විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රවෘත්ති ආයතනවල කළමනාකරණය ශක්තිමත් කරන බව නීතිය පවසයි
රාජකාරි ඉටු කිරීමේදී ප්‍රාදේශීය නීතිවලට බැඳී නැති නිලධාරීන්ගෙන් සමන්විත ජාතික ආරක්ෂක ඒජන්සියක් නගරය තුළ පිහිටුවීමට එය චීනයට බලය ලබා දෙයි.
බි‍්‍රතාන්‍ය පාලනය යටතේ තිබූ හොංකොං දේශය 1997 දී චීනයට පවරා දෙන ලද අතර එසේ පවරා දීමේදී හොංකොං දේශය එතෙක් භුක්ති විඳි නිදහස හා අයිතිවාසිකම් තවත් වසර පනහක් යනතුරු එලෙසම පවත්වා ගෙන යෑමට චීන බලධාරීන් එකඟ වූහ.
මේ අතර ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජයද දැඩි විමසිල්ලෙන් පසුවේ.

