රසරැස

ආදරණීය සිබිල් නැන්දා දිවි සැරිය නිමා කරයි

(RIVIRA.LK, 2020 ජුලි 01 පෙරවරු 09.40ට)

ශ්‍රී ලාංකීය ලකුණ ජාත්‍යන්තරයට ගෙන ගිය ළමා කතා ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක් ලෙස ආදරය දිනා ගත් සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වී ඇත.

අසනීප තත්ත්වය හේතුවෙන් දින හතරක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය ජුනි 30 වන දින රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. මිය යන විට ඇය 93 වන වියේ පසු විය.

1931 වසරේ ඔක්තෝම්බර් 31 වන දින, ගාල්ලේ ගිංතොට ග්‍රාමයේ ඉපිද අපූරු පරිකල්පනයන් තුළින් ළමා ලෝකය සුන්දර කිරීමට හැකි වූ ඇය ශ්‍රී ලංකීය දරුවන්ගේ ‘ආදරණීය සිබිල් නැන්දා’ විය.

1982 වර්ෂයේ ජපානයේ පැවැත්වුණු පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරගයක දී කුඩ හොරා ළමා කතාව ඉදිරිපත් කරනු ලැබූ සිබිල් නැන්දාට ලෝකයෙන්ම තෙවෙනි ස්ථානය දිනාගැනීමට හැකි විය. 1987 දි ජපානයේ පළවුණු ජනප්‍රියම විදෙස් ළමා කතාව වන්නේත් “කුඩ හොරා” කතාවය.

එසේම නෝර්වේ, ඩෙන්මාර්කය, ‌අමෙරිකා එක්සත් ජනපදය, කොරියාව වගේ රටවල් 12ක භාෂාවන්ට මෙම කෘතිය පරිවර්තනය විය. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සිබිල් නැන්දා ලියු ළමා පොත් ප්‍රමාණය 250කට අධිකය.

දිවයින පුරා ළමුන් 20,000 ක් පමණ සම්බන්ධ කරගනිමින් ලොව වැඩිම අවසානය සහිත ළමා කෘතිය වන ‘පුදුම පළිඟුව’ රචනා කර සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට ද එක් වී තිබේ.

දරුවන් වෙනුවෙන්ම තම දිවිය කැප කර දරුවන්ගේ ලෝකය සුන්දර කිරීමට දායක වූ ‘සිබිල් නැන්දාට’ සුබ ගමන් පතමු !

Rivira FB Group Rivira Youtube
To Top