ජුනි මාසය තුළ 910ක් සුවය ලබයි, සක්‍රීය ආසාදිතයින් ගණන 288 දක්වා පහළට – මාසික වාර්තාව
(RIVIRA.LK, 2020 ජූලි 01 පස්වරු 02.00ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජූලි 1 අඟහරුවාදා පස්වරු 01.30 වන විට 2,047ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,748කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 288ක් දක්වා පහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 55ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 85.3%ක් ලෙසත් මරණ අනුපාතය 0.5%ක් ලෙසත් වාර්තා වේ.

ජුනි මාසය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 414කි.

ජුනි මාසය තුළ සුවය ලැබූ ගණන 910කි.

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 14ක් ද සිටිනවා. දින කිහිපයක් තුළ නාවික හමුදාවෙන් නව ආසාදිතයින් වාර්තා වී නැත.
මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 2,047 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 30
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 757
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 947
- වෙනත් – 313
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 288 අතුරින්,
- IDH රෝහල – 27
- වැලිකන්ද මූලික රෝහල – 74
- මුල්ලේරියාව මූලික රෝහල – 04
- ඉරණවිල මූලික රෝහල – 15
- කාත්තන්කුඩි මූලික රෝහල – 31
- හෝමාගම මූලික රෝහල – 22
- මිනුවන්ගොඩ මූලික රෝහල – 21
- හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 61
- තෙල්දෙණිය මූලික රෝහල – 23
- යුද හමුදා රෝහල පනාගොඩ – 07
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 03 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 107,810ක් වන අතර ජුනි 30 දින පරීක්ෂණ 1,365ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.