(RIVIRA.LK, 2020 ජුලි 01 පස්වරු 08.09ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 01 බදාදා දින පස්වරු 6.55 වන විට 2,051ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 01 දිනය තුළ නව ආසාදිතයින් 4ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 37ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දැනට වාර්තා වූ ආසාදිතයින් සිව්දෙනාගෙන්,
- ඩුබායි සිට පැමිණි 01යි
- බංගලාදේශයේ සිට පැමිණි 02යි
- එක්සත් රාජධානියේ සිට පැමිණි 01 යි – (පූනානි නිරෝධායන මධ්‍යස්ථානය)
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,748කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 292 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
මාසික වාර්තාව – ජුනි මාසය තුළ 910ක් සුවය ලබයි, සක්‍රීය ආසාදිතයින් ගණන 288 දක්වා පහළට

