,
Covid-19

නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 56 දක්වා පහළට

(RIVIRA.LK, 2020 ජුලි 02 පෙරවරු 10.47ට)

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 02 බ්‍රහස්පතින්දා පෙරවරු 10.45 වන විට 904ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

එමෙන්ම, ජුලි 01 වන දිනය තුළ නාවික හමුදාවෙන් ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව ද වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් හය දෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 848ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන‍ 56ක් බව ද සඳහන් වේ.

Rivira Ads
To Top