(RIVIRA.LK, 2020 ජුලි 02 පස්වරු 12.37ට – යාවත්කාලීන කිරීම 1.45ට)
උතුරු මියන්මාරයේ ජේඩ් පතලක සිදු වූ නායයෑමකින් අවම වශයෙන් කම්කරුවන් 113ක් දැනට ජිවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කචින් ප්‍රාන්තයේ (Kachin) ජේඩ් බහුල ප්‍රදේශයක් වූ පාකන්ට් (Hpakant ) නමැති ප්‍රදේශයේ පිහිටි පතලක අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයෑමක් හේතුවෙන් මෙම අනතුර සිදු වී තිබෙන බව මියන්මාරයේ ගිනි නිවන දෙපාර්තුමේන්තුව ෆේස් බුක් හි සටහන් කර තිබේ.
වර්ෂාව හේතුවෙන් බුරුල් වී ඇති මඩ සහිත පස් තට්ටුවලට 200ක පමණ කම්කරුවන් පිරිසක් යට වී ඇති බවත් පුද්ගලයින් 113කගේ මළ සිරුරු සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මඩ සහිත පස් අතර සිරවී සිටින්නන් සොයා තව දුරටත් මෙහෙයුම් සිදු කරන අතර මිය ගිය පුද්ගලයින් ගණන තව දුරටත් ඉහළ යා හැකි බව මියන්මාරයේ වාර්තා පළ කරයි.

