(RIVIRA.LK, 2020 ජුලි 02 පස්වරු 01.13ට)
කෝවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 3ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 91 දෙනෙකු ජුලි 02 වන දින කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස රැගත් විශේෂ ගුවන් යානා 4ක් උදෑසන ගුවන්තොටුපොළට පැමිණ තිබෙන අතර පළමු ගුවන් යානය කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ ගුවන් යානය වේ. එම ගුවන් යානයෙන් ජුලි 02 බ්‍රහස්පතින්දා අලුයම 1.45 ට එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලාංකික ගුවන් මගීන් රැගෙන ආ දෙවන ගුවන් යානය වූයේ ජුලි 02 අබුඩාබි නුවර සිට එක් ගුවන් මගියෙකු රැගෙන විත් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන විශේෂ ගුවන් යානයයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය එදිනම උදෑසන 9.45 ට මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 61 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ සිව් වැනි ගුවන් යානය වූයේ මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු රැගෙන ජුලි 02 උදෑසන 10.45 ට මාලදිවයින් ගුවන් සේවයේ කිව්.- 26940 දරන විශේෂ ගුවන් යානයයි.
මෙම ගුවන් මගීන් සියලුදෙනාම කටුනායක ගුවන්තොටුපොළේ දී ම පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කර තිබේ.

