,

අද වාර්තා වූ රෝගීන් ගණන 12යි, සමස්ත ආසාදිතයින් ගණන 2066 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 ජුලි 02 පස්වරු 09.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 02 බ්‍රහස්පතින්දා දින පස්වරු 6.30 වන විට 2,066ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 02 දිනය තුළ නව ආසාදිතයින් 12ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 79ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දැනට වාර්තා වූ ආසාදිතයින් 12 දෙනාගෙන්,

  • කුවේට් සිට පැමිණි 5යි – (ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය)
  • ඉන්දියාවේ සිට පැමිණි 2යි – (මුහුදු ආරක්ෂක 01යි , නිරෝධායනයට ලක්වෙමින් සිටින 1යි)
  • කටාර් සිට පැමිණි 5යි

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,827කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 228 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

දෛනික වාර්තාව – තවත් ආසාදිතයින් 79 දෙනෙකු සුවය ලබයි

Rivira Ads