,
News

කොච්චිකඩේ දේවස්ථානයට අතිරේක පොලිස් කණ්ඩායමක් යොදවයි

(RIVIRA.LK, 2020 ජුලි 03 පෙරවරු 08.30ට)

කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට එහි පරිපාලක කේ. ඒ. ජූඞ්රාජ් ප‍්‍රනාන්දු පියතුමන් විසින් කළ ඉල්ලීමකට අනුව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් එම දේවස්ථානයේ ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇත.

මේ අනුව අදාළ පොලිස් කණ්ඩායම ජම්පටා පොලිස් මුරපළ වෙත අනුයුක්ත කරන ලෙසට කමල් ගුණරත්න මහතා වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට ජුලි 01 වන දින උපදෙස් දී තිබේ.

එසේම දේවස්ථානයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ද කඩිනමින් නිම කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට කමල් ගුණරත්න මහතා අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

Rivira Ads
To Top