දේශීය පුවත්

අගමැති සමග සාකච්ඡාවෙන් වරාය වැඩ වර්ජනය නවතී, සේවක සටනට ජයක්

(RIVIRA.LK, 2020 ජුලි 03 පෙරවරු 09.51ට)

වරාය වෘත්තීය සමිති දියත් කර තිබූ අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම ඉටු කිරීමට එකඟවීමත් සමගයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වරාය වෘත්තීය සමිති සාමාජිකයින් අතර ජූලි 03 පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසුව මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.

ඒ අනුව චීනයෙන් ආනයනය කර දින 12කට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාද ගාස්තු ගෙවමින් තිබූ ප්‍රශ්නගත ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය තුළ ගොඩබෑමට එම සාකච්ඡාවේදී එකඟ වී ඇති අතර ඊට අදාළ පියවර කඩිනමින් ගන්නැයි අගමැතිවරයා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

වරාය සේවයකයින් සිය වැඩවර්ජන ක්‍රියාවලිය දියත් කළේ ජූලි 02 පස්වරුවේ සිටයි. ඊට පෙර වරාය සේවකයින් කිහිප දෙනෙකු අදාළ ගැන්ට්‍රි දොඹකර මතට නැගී උපවාසයක් ආරම්භ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් වරාය ඇමතිවරයා, අමාත්‍යංශ ලේකම්වරයා සහ වරාය සභාපතිවරයා සමග මීට පෙර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබුණි.

සම්බන්ධිත පුවත්

ගැන්ට්‍රි දොඹකර ගොඩබෑම ප්‍රමාද වීමෙන් දැනට ලක්ෂ 1000ක ප්‍රමාද ගාස්තු ගෙවලා

Rivira FB Group Rivira Youtube
To Top