දේශීය පුවත්

පැය 4 ප්‍රකාශයක් ගැනීමෙන් පසු රහස් පොලීසිය හිටපු අගමැතිගේ නිවසින් පිටවෙයි

(RIVIRA.LK, 2020 ජුලි 03 පස්වරු 05.34ට – යාවත්කාලීන කිරීම පස්වරු 10.22ට)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 4ක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව පිටත්ව ගොස් තිබෙනවා.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසිය ජූලි 03 පස්වරු 5ට පමණ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගොස් තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අදාළ පොලිස් කණ්ඩායම හිටපු අගමැතිවරයාගේ නිවසට ගොස් ඇති බවයි.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ජුනි 18 දින වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණා.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ, එස්.පාස්කරලිංගම් සහ හිටපු බැංකු නිලධාරියෙකුගෙන් ද මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් දී තිබුණි.

Rivira FB Group Rivira Youtube
To Top