Covid-19

නාවික හමුදාවේ ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 25යි

(RIVIRA.LK, 2020 ජුලි 04 පෙරවරු 09.58ට)

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 04 සෙනසුරාදා පෙරවරු 9.55 වන විට 904ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

එමෙන්ම, ජුලි 03 වන දිනය තුළ නාවික හමුදාවෙන් ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව ද වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 879ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන‍ 25ක් බව ද සඳහන් වේ

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top