දේශීය පුවත්

නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවට රහස් පොලීසිය මුද්‍රා තබයි

(RIVIRA.LK, 2020 ජුලි 04 පෙරවරු 11.08ට)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් නඩු භාණ්ඩ ගබඩාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න පැවසීය.

ජූලි 03 පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හෙවත් නාකොටික් කාර්යංශයේ සැකකාර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් නඩු භාණ්ඩ ගබඩාවෙන් පිටකර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු පුද්ගලයන්ට අලෙවි කර තිබේ ද යන්න සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ගබඩාවට මුද්‍රා තබා ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළා.

මෙතෙක් එවැනි පිට කිරීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමක් සිදුව නැති බව කියා සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවයි.

එසේම නාකොටික් එක සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අපක්ෂපාතීව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමේ අරමුණින් පොලිස්පතිවරයා විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවත් දැනට ඔවුන් සම්බන්ධයෙන් වන එකම ගැටළුව “වගවීම” හා සම්බන්ධයෙන් පමණක් ඇති බවත් ජාලිය සේනාරත්න කියා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top