,
News

සැප්තැම්බර් 07 උසස්පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ මහජන මතය විමසයි

RIVIRA.LK, 2020 ජුලි 04 පස්වරු 03.51ට)

2020 අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත දිනය පිළිබඳව මහජනතාවගේ මතය ලබා ගැනීම සඳහා මාර්ගගත (online) සමීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මේ වසරේ සැප්තැම්බර් 07 දින විභාගය පැවැත්වීම පිළිබඳ මහජන මතය ලබා ගැනීම සඳහා සමීක්ෂණය පැවැත්වීම සිදු කෙරේ. අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සිදු කිරීමට නියමිත අන්තර්ජාල සමීක්ෂණය පසුගිය ජුලි 01 වන බදාදා දින සිට ආරම්භ කරන ලද අතර එය ජූලි 10 දක්වා සිදු කෙරේ.

මේ සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීම සඳහා ඇති පෝරමය ලබා ගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Rivira Ads
To Top