(RIVIRA.LK, 2020 ජුලි 04 පස්වරු 09.00ට)
අගෝස්තු 05 වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළ සියලුම දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසට භාර දී අවසන් බව රජයේ මුද්‍රණාලය නිවේදනය කරයි. මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ ජුලි 04 දහවල් එම කටයුතු අවසන් කළ බවයි.
ඒ අනුව එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමෙන් අනතුරුව රජයේ මුද්‍රණාලය තුළදීම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා හෝ ඔහු විසින් පත්කරන නියෝජිතයාට භාරදීම සිදුකෙරෙනවා.
මෙවර මහ මැතිවරණයට අදාලව ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙනවා. මහ මැතිවරණයට අදාල ගෘහ ලේඛන ද මුද්‍රණ කටයුතු අවසන් කර මැතිවරණ කොමිශන් සභාව වෙත භාර දී ඇති බව ද වාර්තා වෙනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි සතියේ දී තැපෑලට භාරදීමට නියමිත අතර ඉන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෙදාහැරීම් කටයුතු සිදුකරනු ඇත.

