(RIVIRA.LK, 2020 ජුලි 05 පස්වරු 07.35ට)
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන්, බහරේන් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ජුලි 05 වන ඉරිදා අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
මෙම ගුවන් යානයෙන් පැමිණි වැඩි පිරිසක් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, කටාර්හි සිට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ද ජුලි 04 වන සෙනසුරාදා රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති බව ගුවන්තොටුපළ වාර්තා සඳහන් කරයි.
මෙම ගුවන් මගීන් පිරිස ගුවන්තොටුපළේ දීම පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර තිබෙනවා.

