ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට (CCTV දර්ශන සහිතයි)

(RIVIRA.LK, 2020 ජුලි 05 පෙරවරු 09.21ට – යාවත්කාලීන කිරීම පස්වරු 12.16ට)

පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුසල් මෙන්ඩිස් මොරටුවේ සිට පානදුර දක්වා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී හොරෙයිතුඩුව 13 කණුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත.

එහිදී ඔහුගේ මෝටර් රථය පාරේ දකුණු පස මං තීරුවට පිවිසෙන අයුරු සීසීටීවී දර්ශනවල සටහන් ව තිබෙනවා. එම අවස්ථාවේ පා පැදියක ගමන් කරමින් සිටි 64 හැවිරිදි ගොරකාපොල පදිංචි පුද්ගලයෙකු මෝටර් රථයේ ගැටී මිය ගොස් තිබෙනවා.

රිය අනතුරෙහි CCTV දර්ශන පහතින් දැක්වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top