(RIVIRA.LK, 2020 ජුලි 05 පෙරවරු 10.42ට – යාවත්කාලීන කිරීම පස්වරු 12.08ට)
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවජිලිංගම් වැල්වෙටිතුරෙයි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජූලි 05 පෙරවරුවේ වැල්වෙටිතුරෙයිහි පිහිටි ඔහුගේ නිවසේදී හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2018 වසරේ දී සංවිධානය කර ඇති නීති විරෝධී සැමරුමක් සම්බන්ධයෙන් වන සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එම්.කේ. සිවාජිලිංගම්ට නොතීසි නිකුත් කර තිබූ බව පොලීසිය කියා සිටී.
පොලිසිය පවසන්නේ උසාවි මගහැරීම හේතුවෙන් අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බවයි.

