(RIVIRA.LK, 2020 ජුලි 05 පස්වරු 08.42ට)
2018 වසරේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගත් හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ, ඔහු ජූලි 05 දින පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ගයාත්‍රි සයිලේෂන් ලබා දුන් නියෝගයට අනුවයි.
2018 වසරේ නොවැම්බර් මාසයේ දිනක එල්.ටී.ටී.ඊ. නායකයාගේ උපන් දිනය සැමරූ බව කියන අවස්ථාවේ එය වැළැක්වීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩු විභාගයක් සඳහා ඔහු පෙනී සිටීම මගහැර ඇත.
අදාළ නඩුව 2021 ජනවාරි 20 දින යළි කැඳවන බවත් ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත‍්‍රාත්වරයා විසින් සිවාජිලිංගම්ට අවවාද කර ඇප මත මුදා හැර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

