(RIVIRA.LK, 2020 ජුලි 06 පස්වරු 12.28ට)
පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව සිටි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ජූලි 06 දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී රුපියල් මිලියනය බැගින් වූ ශරිර ඇප දෙකක් මත කුසල් මෙන්ඩිස්ව මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එසේම කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ජූලි 05 දින අලුයම 5 ට පමණ අදාළ අනතුර සිදුව තිබුණා. සීසීටීවී දර්ශන අනුව මොරටුව සිට පානදුර දක්වා ගමන් කරමින් සිටි කුසල් මෙන්ඩිස් පාරේ දකුණු පස මංතීරුවෙන් ගමන් කරන අතර පානදුර සිට මොරටුව දෙසට තම මං තීරුවෙන් පැමිණෙන පාපැදි කරුවෙකු ගැටෙන අයුරු දැක්වෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් පොලීස් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ අවස්ථාවේ දී කුසල් මෙන්ඩිස් රථයෙන් බැස තුවාලකරු නිරීක්ෂණය කර ආපසු ගොස් ඇති බවයි.
සිද්ධියෙන් පැයකට පමණ පසුව පානදුර උතුර පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී ඇති කුසල් මෙන්ඩිස්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකුගේ විවාහ මංගල උත්සවයට සහභාගි වී ආපසු එමින් සිටියදී මෙම රිය අනතුර සිදුව ඇති බව ද වාර්තා වේ. එසේම අනතුර සිදුවන අවස්ථාවේ දී ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ද කුසල් මෙන්ඩිස් සමග ගමන් කරමින් සිටි බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

