දේශීය පුවත්

මංගල උත්සව සඳහා සහභාගී කර ගත හැකි සංඛ්‍යාවේ සීමාව ඉහළට

(RIVIRA.LK, 2020 ජුලි 06 පස්වරු 7.20ට)

මංගල උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස ඉහළ නැංවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන පරිදි, උත්සව ශාලාවේ ආසන ධාරිතාවටයන් 50%ක පිරිස හෝ උපරිම 300ය යන දෙකෙන් (දෙවන මනමාලයා/ දෙවන මනමාලිය ඇතුළු කණ්ඩායම, සංගිත කණ්ඩායම සහ වෙනත් ශිල්පීන් ඇතුළුව) අඩු සංඛ්‍යාවකට මංගල උත්සවය සඳහා සහභාගී වීමට 2020 ජුලි 06 වන දින සිට අවසර ලබා දෙන බව සඳහන් කරයි.

එසේම, මංගල උත්සවයට සහභාගිවන පිරිස පුද්ගල දුරස්ථභානය පවත්වා ගැනීමට කටයුතු කළ යුතු අතර උත්සව ශාලා සඳහා මීට පෙර ලබා දුන් උපදෙස් ද අදාළ වේ.

සම්බන්ධිත පුවත්

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top