කොවිඩ්-19

වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි

(RIVIRA.LK, 2020 ජුලි 07 පෙරවරු 10.20ට – යාවත්කාලීන කිරීම පස්වරු 12.12ට)

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් තවහුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජූලි 07 දින පෙරවරු 9.30ට නිකුත් කළ නිවේදනයකින් පවසනවා.

අදාළ රැඳවියා කන්දකාඩු හී පිහිටුවා ඇති මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි.

මේ අනුව හඳුනාගත් කොරෝනා ආසාදිත රෝගියා සම්බන්ධයෙන් සහ ඔහුගේ ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවරගෙන ඇති අතර අවශ්‍ය පරිදි නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

මෙම පරීක්ෂණ සඳහා බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

පෙරවරු 11.40ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අදාළ නිවේදනයේ සිදුව ඇති වරදක් සංශෝධනය කර ඇති අතර පෙර නිවේදනයේ සඳහන් කළ “වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ” යන්න “වැලිකඩ බන්ධනාගාරයේ” ලෙස නිවැරදි විය යුතු බව දක්වා තිබුණි.

මුල් නිවේදනය පහතින් දැක්වේ.

Press Release 232 2020 by Rivira Media on Scribd

Rivira FB Group Rivira Youtube
To Top