(RIVIRA.LK, 2020 ජුලි 07 පස්වරු 12.42ට)
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළ සැකකරුවෙක් ලෙස නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරී කරනු ලැබූ සහ පසුව සැඟව සිටි පොලිස් පරීක්ෂකවරයා කඩවත පොලිස්ථානය වෙත පැමිණ බාර වී තිබෙනවා.
සැකකාර පොලිස් පරීක්ෂක වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමැති අංක 189 කිරිකත්ත වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුචු 49ක පුද්ගලයා ජූලි 07 පෙරවරුවේ කඩවත පොලිස්ථානය වෙත පැමිණ බාර වී ඇති අතර ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමට නියමිතව තිබෙන බව පොලීසිය සඳහන් කළා.
කෙසේ වෙතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලැබූ අතර ඔහු සැඟව සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීමට ද පොලීසිය කටයුතු කරනු ලැබුවා.

