(RIVIRA.LK, 2020 ජුලි 07 පස්වරු 01.32ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 07 අඟහරුවාදා පස්වරු 01.00 වන විට 2,078ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 07 වන දිනය තුළ මෙතෙක් නව එක් ආසාදිතයෙක් පමණක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 38 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
අප්‍රේල් 30 දිනයෙන් පසුව සමාජය තුළින් නව ආසාදිතයෙකු හමුවූයේ නැත. එහෙත් ජූලි 07 දින හමුවූ ආසාදිතයා කන්දකාඩු හී මත්ද්‍රව්‍ය පුනුරුත්තාපන මධ්‍යස්ථානයක රඳවා සිට ජුනි 27 දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවූ අයෙකි. ඔහු සමාජයෙන් හමු වූ ආසාදිතයෙකු ලෙස මෙතෙක් නම් කර නැත.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,955කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 112ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 35ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 94%ක් ලෙසත් මරණ අනුපාතය 0.52%ක් ලෙසත් වාර්තා වේ.

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 15ක් ද සිටිනවා. දින කිහිපයක් තුළ නාවික හමුදාවෙන් නව ආසාදිතයින් වාර්තා වී නැත. මේ වන විට නාවික හමුදාවේ සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 16කි.
මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 2,077 (අද හමුවූ ආසාදිතයා හැර) වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 30
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 786
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 948
- වෙනත් – 313
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 112 අතුරින්,
- IDH රෝහල – 12
- වැලිකන්ද මූලික රෝහල – 36
- මුල්ලේරියාව මූලික රෝහල – 00
- ඉරණවිල මූලික රෝහල – 07
- කාත්තන්කුඩි මූලික රෝහල – 27
- හෝමාගම මූලික රෝහල – 01
- මිනුවන්ගොඩ මූලික රෝහල – 18
- හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 00
- තෙල්දෙණිය මූලික රෝහල – 02
- යුද හමුදා රෝහල පනාගොඩ – 05
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 03 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 114,765ක් වන අතර ජුලි 06 දින පරීක්ෂණ 1,290ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

