,
Foreign

‘ටික් ටොක්’ හොංකොං අතැර යාමට සැරසෙයි

(RIVIRA.LK, 2020 ජුලි 07 පස්වරු 05.09ට

චීනයේ ආරක්ෂක නීතිය බලපැවැත්වීමෙන් පසුව හොංකොං රාජ්‍යයෙන් තමන් ඉවත් වන බව චීනයේ ‘ටික් ටොක්’ ආයතනය පවසනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට තව දින කිහිපයක් ඇතුළත දී එම ආයතනය හොංකොං වලින් ඉවත් වීමට කටයුතු සිදු කරමින් පවතියි.

එමෙන්ම, චීන රජය විසින් මිට පෙර කිසිදු පරිශීලකයෙකුගේ දත්ත වෙත ප්‍රවේශ වීම සඳහා ඉල්ලා නොමැති බව ද ‘ටික් ටොක් ආයතනයේ පරිශීලක දත්ත චීනයේ ගබඩා කර නොමැති බවත් එම ආයතනයේ ප්‍රධාන වොල්ට් ඩිස්නි ආයතනයේ හිටපු විධායක කෙවින් මේයර් සඳහන් කරයි.

මේ වන විට, චීනයේ ආයතනයක් විසින් හොංකොං වැනි චීනයට අයත් ස්වාධීන පාලන ප්‍රදේශ සඳහා ‘බයිට් ඩාන්ස්’ නම් වූ කෙටි වීඩියෝ යෙදවුමක් දියත් කිරිමට සූදානම් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆේස් බුක් සහ ට්විටර් ආයතනයන් ද මේ වන විට හොංකොං පොලීසිය සඳහා තොරතුරු ලබා දීමේ ක්‍රියාවලීන් නතර කර ඇති බව ද බීබීසී පුවත් සේවය වාර්තා කරයි. එමෙන්ම, වට්ස්ඇප්, ගූගල් හා ටෙලිග්‍රෑම් යන සමාගම් ද පවසා ඇත්තේ පසුගිය සතියේ හොංකොං ආරක්ෂක පනත සම්මත කිරීමෙන් පසුව සිය මෙහෙයුම් කටයුතු ද ඒ අනුව වෙනස් කරන බවයි. තවද, තාක්ෂණික සමාගම් පවසා ඇත්තේ හොංකොං නගරයේ සිදුවන දේශපාලන වෙනස්කම් තක්සේරු කරමින් තමන්ගේ ආයතනයන්හි කටයුතු සිදු කරන නමුත් හොංකොං පොලීසිය විසින් සිදු කරන දත්ත ඉල්ලීම් ලබා දීමට කටයුතු සිදු නොකරන බවයි.කෙසේ වෙතත්, චීනය විසින් සම්මත කර ගනු ලැබූ හොංකොං හි මතභේදාත්මක නව ආරක්ෂක පනත මඟින් චීන බලධාරීන්ට හොංකොංහි නව බලතල අනුව පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂාව පිළිබඳව කනස්සල්ලක් එක් කර තිබේ.

මෙම නව ආරක්ෂක පනතට අනුව, චීන බලධාරීන්ට හොංකොංහි කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරන, ත්‍රස්තවාදයට සහය ලබා දෙන හා විදේශයන් සමඟ සබඳතා පවත්වන්නා වූ පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි වේ. මේ පිළිබඳව විචාරකයින් පවසන්නේ අර්ධ ස්වයං පාලන කලාපයක් ලෙස හොංකොං වැසියන්ට කතා කිරීමේ නිදහස ඇතුළුව සමස්ත හොංකොං දේශයේම නිදහස අහිමි කර ඇති බවයි.

නමුත්, හොංකොහි නායක කැරී ලෑම් මෙම නීතිය සාධාරණීකරණය කරමින් අඟහරුවාදා දිනයේ දී පවසා තිබුනේ එය නගරයට විනාශයක් අත් නොකරන බවයි. එමෙන්ම, පසුගිය වසරේ වරින් වර ඇති වුණ විරෝධතා හේතුවෙන් නගරයේ පැවති ප්‍රචණ්ඩකාරී තත්වයන් හට ගැනීමක් නොමැතිව නව නීතිය යටතේ ලොව ආරක්ෂතම නගරයක් බවට හොංකොං පත්වනු ඇති බවයි.

එමෙන්ම, “වෙනත් රටවල ජාතික ආරක්ෂක නීති හා සසඳන විට එය තරමක් මෘදු නීතියකි. එහි විෂය පථය අනෙකුත් රටවල හා චීනයේ තරම් පුළුල් නොවේ.” යැයි ද ඇය පැවසුවා.

රතාන්‍ය පාලනය යටතේ තිබූ හොංකොං දේශය 1997 දී චීනයට පවරා දෙන ලද අතර එසේ පවරා දීමේදී හොංකොං දේශය එතෙක් භුක්ති විඳි නිදහස හා අයිතිවාසිකම් ‘එක් රටක්, පද්ධති දෙකක්’ යන සංකල්පය යටතේ තවත් වසර පනහක් යනතුරු එලෙසම පවත්වා ගෙන යෑමට චීන බලධාරීන් එකඟ වෙන ලදී.

සම්බන්ධිත පුවත්

http://rivira.lk/advertising/
To Top