,
Covid-19

බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝට කොරෝනා ආසාදනය වෙයි

(RIVIRA.LK, 2020 ජුලි 07 පස්වරු 10.24ට)

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ, තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට රූපවාහිනී හරහා සජීවී ප්‍රකාශයක් සිදුකරමින් ජූලි 07 අඟහරුවාදා ප්‍රකාශයට පත් කළා.

“බිය වීමට හේතුවක් නැත. ඒක තමයි ජීවිතය,” බ්‍රසීල ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය. “ජීවිතය ගෙවෙයි. මට ජීවිතය ලබා දීම පිළිබඳව සහ බ්‍රසීලය ලෙස හැඳින්වෙන මේ ශ්‍රේෂ්ඨ ජාතියේ අනාගතය තීරණය කිරීම සඳහා මට ලබා දී ඇති කාර්යභාරය ගැන මම දෙවියන්ට ස්තූතිවන්ත වෙමි.” යැයි ද ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියා.

65 හැවිරිදි ජනාධිපති බොල්සොනාරෝ වසංගතය නැවත නැවතත් සුළු කොට තැකීමක් කර තිබූ අතර සමාජ දුරස්ථභාවය වැනි කරුණු සුළුකොට තැකීමකට ලක් කර තිබුණි. බ්‍රසීලය මේ වන විට එක්සත් ජනපදයෙන් පසු දෙවන ස්ථානයට ඇති රට බවට පත්ව ඇති අතර මරණ 65,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මිලියන 1.6කට අධික ආසාදිතයින් පිරිසක් තහවුරු වී තිබේ.

මාර්තු මාසයේදී, කොවිඩ් -19 වෛරසය බ්‍රසීලයේ පළමු ආසාදිතයින් වාර්තා කළ අතර, අන්ත දක්ෂිනාංශික ජනතාවක් සිටින ජාතිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපතිවරයා පුරසාරම් දෙඩුවේ, ආසාදනය වුවහොත්, ඔවුන්ගේ රටේ ඇති “මලල ක්‍රීඩක පසුබිමට” ස්තූතිවන්ත වන්නට ඔවුන් ඉක්මනින් රෝගයෙන් මිදෙන බවටයි.

එතැන් පටන් බොල්සොනාරෝ සමාජ සිදුවීම් සහ දේශපාලන රැලිවලට අඛණ්ඩව සහභාගී වී ඇති අතර බොහෝ විට මුඛ ආවරණ වැරදි ලෙස පැළඳ සිටි අතර ඇතැම් විට නොපැළඳීමට කටයුතු කර තිබුණි.

බොල්සොනාරෝගේ රෝග විනිශ්චය ලැබෙන්නේ බ්‍රසීලයේ එක්සත් ජනපද තානාපති ටොඩ් චැප්මන්ගේ බ්‍රසීලියා අගනුවර පිහිටි නිවසේ දිවා ආහාරය ගැනීමෙන් දින තුනකට පසුවය.

එම නිදහස් දින සැමරුමට එරට විදේශ ඇමති අර්නෙස්ටෝ අරාජෝ, ආරක්ෂක ඇමති ප්‍රනාන්දු අසිවෙඩෝ සහ ජනාධිපතිගේ පුත් එඩ්වාඩෝ, දකුණු ඇමරිකාවේ ස්ටීව් බැනන්ගේ නියෝජිතයා වන දේශපාලනඥයෝ ඇතුළු ඉහළ කැබිනට් සාමාජිකයින් කිහිප දෙනෙක් ද සහභාගී වූහ. මුඛ ආවරණ නොමැතිව ඔවුන් ඡායාරූප ගෙන තිබුණි.

බ්‍රසීලයේ ජනාධිපති ආර්යාවගේ 80 හැවිරිදි මිත්තනිය වන මිෂෙල් බොල්සනාරෝ පසුගිය බදාදා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඉරිදා දින රෝහල්ගත වූ බව වාර්තා වේ.

http://rivira.lk/advertising/
To Top