කොවිඩ්-19

නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 13යි

(RIVIRA.LK, 2020 ජුලි 08 පෙරවරු 10.14ට)

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 08 බදාදා දින පෙරවරු 10.05 වන විට 905ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

එමෙන්ම, දින 11කට පසුව ජුලි 07 වන දිනය තුළ නාවික හමුදාවෙන් එක් ආසාදිතයෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 892ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන‍ 13ක් බව ද සඳහන් වේ

Rivira FB Group Rivira Youtube
To Top