(RIVIRA.LK, 2020 ජුලි 08 පස්වරු 01.05ට)
රටට හිතැති නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පූර්ණ බලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටී.
නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ ජූලි 08 දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ ය.
එසේම විවිධ පාර්ශවවල ප්‍රාණ ඇපකරුවන් නොකර ඍජුව කටයුතු කිරීම සඳහා තනි බලයක් සහිත ජනවරමක් අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ අවධාරණය කළා. ඔහු පෙන්වා දෙන්නේ එසේ නොමැති වුවහොත් “අරයා ඉල්ලුවොත් එක කෑල්ලක් දාන්න, මෙයා ඉල්ලුවොත් තව කෑල්ලක් දාන්න” විය හැකි තත්වයක් උදාවන බවත් ඔහු පෙන්වා දුන්නා.
එසේ ව්‍යවස්ථාවට සකස් කිරීමට ගොස් එක් එක් පාර්ශවවල අත්කොළු හෝ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වීමට සිදුවුවහොත් එය රටට අගතියක් බව ද ඔහු පෙන්වා දුන්නා. එබැවින් ඒ සඳහා පැහැදිලි බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ ඉල්ලා සිටියා.

