කොවිඩ්-19

සක්‍රීය ආසාදිතයින් ගණන 103 දක්වා පහළට – දෛනික වාර්තාව

(RIVIRA.LK, 2020 ජුලි 08 පස්වරු 01.36ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 08 බදාදා පස්වරු 01.00 වන විට 2,081ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 08 වන දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ජූලි 07 දින වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ ආසාදිතයා වැලිකඩට මාරු කිරීමට පෙර සිටි කන්දකාඩු හී මත්ද්‍රව්‍ය පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ 600ක් සහ වැලිකඩ බන්ධනාගාරයේ ආශ්‍රිතයින් 310කගේ ජීව සාම්පල ලබාගෙන ඇති අතර ඒවා පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයෙන් ලබාගත් සාම්පල 310න් 210ක ප්‍රතිඵල ලැබී ඇති අතර එයින් කිසිඳු ආසාදියෙකු වාර්තා වී නොමැති බව යුධ හමුදාපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ ආසාදිතයා හේතුවෙන් අප්‍රේල් 30 දිනෙන් පසු සමාජය තුළින් හමු වූ ආසාදියෙකු ලෙස ඔහු වාර්තා වී තිබෙනවා. එහෙත් ඔහු සමාජයෙන් වෙන් කර තැබෙන බන්ධනාගාරයක දී හමු වී තිබීමෙන් සමාජය සිදුවන බලපෑම අවමයි.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,967කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 103ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 56ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 94.5%ක් ලෙසත් මරණ අනුපාතය 0.52%ක් ලෙසත් වාර්තා වේ.

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 905 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 15ක් ද සිටිනවා. දින 11කට පසු ජූලි 07 දින නිරෝධායනයට ලක් වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබුණා. මේ වන විට නාවික හමුදාවේ සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 13කි.

මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 2,081 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 30
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 788
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 949
  • වෙනත් – 314

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 103 අතුරින්,

  • IDH රෝහල – 12
  • වැලිකන්ද මූලික රෝහල – 30
  • මුල්ලේරියාව මූලික රෝහල – 00
  • ඉරණවිල මූලික රෝහල – 07
  • කාත්තන්කුඩි මූලික රෝහල – 25
  • හෝමාගම මූලික රෝහල – 00
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 19
  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 00
  • තෙල්දෙණිය මූලික රෝහල – 01
  • යුද හමුදා රෝහල පනාගොඩ – 05
  • කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 03 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 116,375ක් වන අතර ජුලි 07 දින පරීක්ෂණ 1,610ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

Rivira FB Group Rivira Youtube
To Top