කොවිඩ්-19

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(RIVIRA.LK, 2020 ජුලි 09 පෙරවරු 08.35ට)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය ජුලි 09 වන බ්‍රහස්පතින්දා දින අලුයම මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම පිරිස ඩුබායි සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන විශේෂ ගුවන් යානයෙන් අලුයම 6.05ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයන් එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් බවට තොරතුරු වාර්ත වන අතර මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස එහිදී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top