,
Covid-19

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 56කට කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි

(RIVIRA.LK, 2020 ජුලි 09 පස්වරු 03.39ට)

පසුගිය ජුලි 07 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වූ අතර එම රැඳවියා කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනයට ලක් කළ අයෙක් වේ.

ඒ අනුව, කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යමණ්ඩලයේ 450ක් පමණ පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. සිදු කරන ලද පරීක්ෂණවලින් ජුලි 09 වන දින පස්වරු 3.15 වන විට එම පිරිසෙන් 56 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ තහවුරු කරයි.

එසේම, ජුලි 09 වන දින උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කෝවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනාගෙන ඇති අතර ඇය කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස සේවය කරන තැනැත්තියකි.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

Rivira Ads
To Top