(RIVIRA.LK, 2020 ජුලි 10 පෙරවරු 09.14ට)
අගෝස්තු මස තුන්වැනිදා මැතිවරණ අවසන් රැලි ප‍්‍රචාරය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලැබෙන බවද අගෝස්තු 4 වැනිදා සම්පූර්ණ නිහඬ දිනයක් (මැතිවරණ කටයුතු සම්බන්ධයෙන්) ලෙස පවත්වා ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, ජුලි 09 බ්‍රහස්පතින්දා දින මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේ දී ය.
එමෙන්ම, තමන් මාධ්‍ය නිදහසට කිසිසේත් බාධා නොකරන බවත් ජනතාවගේ යහපත වෙනුවෙන් තමන්ව පෙරළාගෙන වුවද මාධ්‍ය ඉදිරියට එන්නැයි ද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී කීය. මැතිවරණයේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය රෙගුලාසි සම්බන්ධයෙන් යම් කකුල් මාට්ටුවක් තිබුණත් ඒවා ඉදිරියේදී නිවැරදි කරගත හැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඡන්ද සමයේදී සිදුවන අක‍්‍රමිකතා පෙන්වා දීම මාධ්‍ය සතු වගකීමක් බව මෙහිදී පැවසු මැතිවරණ කොමසාරිස්වරයා “වයඹ ඡන්දයේ” දූෂිත බව හෙළිදරව් කළේ ද මාධ්‍ය බව ද මෙහිදී පෙන්වා දුන්නේය.
අපේක්‍ෂකයන්ගේ මනාප අංකය ප‍්‍රචාරය කර ගැනීමට සීමා පැනවීම නිසා ඔවුන්ට යම් බාධාවක් වී ඇත්දැයි පුවත්පත් කර්තෘවරයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ, ඒ සඳහා අත් පති‍්‍රකා බෙදාහැරීම, ගෙන් ගෙට යෑම වැනි ප‍්‍රමාණවත් ක‍්‍රමවේද ඇති බවයි.
ඡන්ද විමසීමෙන් අනතුරුව පැය 36 ක් ඇතුළත ආණ්ඩු බලය හිමි කාටද යන්න ප‍්‍රකාශ කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව, වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් කිරීමට රජය කළ ඉල්ලීම තාවකාලිකව අත්හිටුවූ බවත් සභාපතිවරයා මෙහිදී පැවසුවේය. වතු කම්කරුවන්ට අදාළ වැටුප් වැඩිවීම මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් අනතුරුව හිඟ වැටුප් සහිතව ගෙවිය හැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
තවද, කරුණා අම්මාන් සෙබළුන් තුන්දහසක් මරා දමා ඇති බවට කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ප‍්‍රචණ්ඩත්වය වීරත්වයක් ලෙස හුවා දැක්වීම තමා කිසිසේත් අනුමත කරන්නේ නැති බවයි. එසේම, ඒ හා සම්බන්ධව ආචාර ධර්මයක් ප‍්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.
කොරෝනා ඉවරයි කියා තමන් නොසිතන බවත් මැතිවරණයෙන් පසුවද කොරෝනා අවදානම ගැන ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී කර්තෘවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
කෙසේ වෙතත්, ඡන්ද පොළට බය නැතිව පැමිණෙන ලෙසත් ඡන්දය දැමීමේ දී උපරිම ආරක්‍ෂිත සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කරන බැවින් ඡන්ද මධ්‍යස්ථානවල දී කොරෝනා බෝවන ස්ථාන බවට පත්කරන්නේ නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේය.
එසේම, දෙමළ ජනතාව අතර ඡන්දය ගැන උනන්දුව අඩු බවක් දක්නට ලැබෙන බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී කියා සිටියේය.
මහාචාර්ය රත්නජීවන් හූල් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා ඔහුට යම් මතයක් දැරීමට ඇති අයිතිය තමන් පිළිගන්නා බව ද සඳහන් කළේය. සමහර අවස්ථාවලදී යම් යම් සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා අතර පූර්ණ එකඟතාවයක් නොමැති අවස්ථාවලදී බහුතරයේ මතයට ඉඩදුන් බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.

