(RIVIRA.LK, 2020 ජුලි 10 පෙරවරු 07.28ට)
කෝවිඩ් – 19 ආසාදිත බවට ජුලි 09 වන දින තහවුරු වූ කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කළ කාන්තාව ඇසුරු කළ මාරවිල ප්‍රදේශයේ නිවාස 10කට අයත් පුද්ගලයින් 40ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
මේ වන විට, ඇයගේ පවුලේ සාමාජිකයින් ද නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඔවුන් සියලුදෙනා පී.සී. ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.
එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිවාඩු ගොස් සිටි උපදේශක උපදේශිකාවන් 08 දෙනෙකු නැවත ගෙන්වා ගැනීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් සඳහා වෙන්කොට ඇති මධ්‍යස්ථානයක් වන අතර එම මධ්‍යස්ථානයට පුද්ගලයන් ඇතුළත් කරන්නේ පි.සි.ආර් පරික්ෂණවලින් අනතුරුව බවත් එහි සමාජිකයන් ආසාදනයට ලක්වුයේ කෙසේ ද යන්න පිළිබඳව දැනට විමර්ශන කටයුතු සිදු කරන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

