කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියනයකට ආසාදිතයින් ගණන 109 පනී, සක්‍රීය ආසාදිතයින් ගණන 360 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 ජුලි 10 පෙරවරු 09.52ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 10 සිකුරාදා පෙරවරු 9.30 වන විට 2,350ක් දක්වා එකවර ඉහළ ගොස් තිබෙනවා. ඒ ජුලි 10 දිනය තුළ නව ආසාදිතයින් 196ක් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කිරීමත් සමග යි.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරෙන් මෙම සියලු ආසාදිතයින් හමු වී තිබෙනවා.

කන්දකාඩු පොකුරෙන් මෙතෙක් හමු වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 254ක් වන අතර, ඉන්

  • කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හමු වූ ගණන – 252යි
  • මාරවිල ප්‍රදේශයෙන් හමු වූ කන්දකාඩු උපදේශිකාව
  • වැලිකඩ රැඳවියා

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියනයකට සාපේක්ෂව වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,979කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 360ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top