(RIVIRA.LK, 2020 ජුලි 10 පස්වරු 03.54ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 10 සිකුරාදා පස්වරු 03.00 වන විට 2,350ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 10 වන දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 01 අයෙකු පමණක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ජූලි 07 දින වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ ආසාදිතයා වැලිකඩට මාරු කිරීමට පෙර සිටි කන්දකාඩු හී මත්ද්‍රව්‍ය පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ 600ක් සහ වැලිකඩ බන්ධනාගාරයේ ආශ්‍රිතයින් 315කගේ ජීව සාම්පල ලබාගෙන ඇති අතර ඒවා පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා. එයින් වැලිකඩ බන්ධනාගාරයෙන් ලබාගත් සාම්පල 315ම වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබුණා. නමුත් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතින අතර එම මධ්‍යස්ථානය තුළින් පමණක් මේ වන විට සමස්ත ආසාදිතයින් 252ක් තහවුරු වී තිබෙනවා. එම මධ්‍යස්ථානයේ සේවිකාවක මාරවිල ප්‍රදේශයෙන් හමු වූ අතර පළමුව වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වූ ආසාදිතයාත් සමග දැනට කන්දකාඩු පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 254කි. එයින් 52ක් ජූලි 09 දිනම ප්‍රකාශයට පත්වුවද ඉතිරි 192 ප්‍රතිඵල ජූලි 10 දින ප්‍රකාශයට පත් විය. එහෙත් එම සියලු පරීක්ෂණවල ප්‍රතිඵල ජූලි 09 දිනයට අදාළව ලැබී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පෙන්වා දෙනවා.
ඒ අනුව දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව ජූලි 09 දින වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 256ක් වේ. එයින් 253ක් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව ලැබී ඇති අතර ඉතිරි 3 දෙනාගෙන් දෙදෙනෙකු විදේශයන්ගේ සිට පැමිණි අය අතරින් ද අනෙක් ආසාදිතයා නාවික හමුදාවෙන් ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,980කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 359ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 37ක් බවද සඳහන් වේ.

ජූලි 09 දින පෙරවරු 10 වන විට වාර්තා වූයේ සක්‍රීය ආසාදිතයින් 104ක් පමණක් වන අතර ජූලි 10 පෙරවරු 10 එම ප්‍රමාණය දෙගුණයකට වඩා ප්‍රමාණයකින් ඉහළගොස් 359ක් ලෙස වාර්තා වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 84.2%ක් ලෙසත් මරණ අනුපාතය 0.46%ක් ලෙසත් වාර්තා වේ.
වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 15ක් ද සිටිනවා. මේ වන විට නාවික හමුදාවේ සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 10කි.
මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 2,350 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 802
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950
- වෙනත් – 567
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 359 අතුරින්,
- IDH රෝහල – 19
- වැලිකන්ද මූලික රෝහල – 33
- මුල්ලේරියාව මූලික රෝහල – 00
- ඉරණවිල මූලික රෝහල – 07
- කාත්තන්කුඩි මූලික රෝහල – 24
- හෝමාගම මූලික රෝහල – 00
- මිනුවන්ගොඩ මූලික රෝහල – 15
- හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 00
- තෙල්දෙණිය මූලික රෝහල – 00
- යුද හමුදා රෝහල පනාගොඩ – 06
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 03
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 252 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 118,981ක් වන අතර ජුලි 09 දින පරීක්ෂණ 1,424ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

