විදේශයන්ගේ සිට පැමිණි තවත් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගනී, දිනය තුළ මෙතෙක් 97යි
(RIVIRA.LK, 2020 ජුලි 10 පස්වරු 06.49ට – යාවත්කාලීන කිරීම පස්වරු 07.09)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 10 සිකුරාදා දින පස්වරු 07.00 වන විට 2,447ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 10 දිනය තුළ නව ආසාදිතයින් 97ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 01ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව ජූලි 10 පෙරවරුවේ ප්‍රකාශයට පත්කළ කන්දකාඩු පොකුරේ ආසාදිතයින් 196 දෙනා ජූලි 09 දින හඳුනාගත් ආසාදිතයින් ලෙස දක්වා තිබෙනවා.
ඒ අනුව දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 97 දෙනාගෙන්,
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් – 87
ඉන්දියාවේ සිට පැමිණි – 09
පාකිස්ථානයේ සිට පැමිණි – 01
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,980කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 456 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
දෛනික වාර්තාව – කොරෝනා ප්‍රගතිය කනපිට හැරේ