(RIVIRA.LK, 2020 ජුලි 10 පස්වරු 08.11ට)
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩුවට අදාළ ප්‍රධාන විත්තිකරු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ දී ඡායාරූප මාධ්‍යවේදියෙකුට අයුතු බලහත්කාරය පෑමේ සිදුවීමක් වාර්තා වේ.
ඒ ජූලි 10 දින පෙරවරුවේ කොළඹ අංක 01 මහාධිකරණය හමුවේ පැවති නඩුවක දී සාක්ෂි ලබා දීමට නියෝමාල් රංගජීව පැමිණ තිබූ අවස්ථාවේ දීයි. එම අවස්ථාවේ දී එම ස්ථානයෙන් ගමන් කළ පොලිස් පරීක්ෂක රංගජීවගේ ඡායාරූපයක් ගැනීමට ගිය මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන අදාළ සිදුවීමට මුහුණ දී තිබෙනවා.
එහිදී අදාළ මාධ්‍යවේදියාව ඔහුගේ කැමැත්තට එරෙහිව ඇඳුමෙන් ඇදගෙන ගොස් අධිකරණයේ පොලිස් මුරපොල වෙත ගමන් කර ඇති අතර එහිදී ද තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට මාධයවේදියා චෝදනා කර සිටිනවා.
කෙසේ වෙතත් මාධ්‍යවේදී අකිල ජයවර්ධන අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම පොලිස් මුරපොල වෙතම පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව ද සඳහන් කළා.
පොලිස් මුරපොල වෙත තමන් ඇදගෙන ගිය අවස්ථාවේ දී තම කැමරාවේ මෙමරි චිප් දෙකක්ද පොලිස් පරීක්ෂකවරයා විසින් ලබාගැනීමට කටයුතු කළ බවට අදාළ මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි.

