(RIVIRA.LK, 2020 ජුලි 11 පෙරවරු 08.15ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 10 සිකුරාදා දින පස්වරු 10.30 වන විට 2,454ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 10 දිනය තුළ නව ආසාදිතයින් 300ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 01ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 300 දෙනාගෙන්,
- කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් – 283
- ඉන්දියාවේ සිට පැමිණි – 09
- එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි – 03
- කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 03
- වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් -01
- පාකිස්ථානයේ සිට පැමිණි – 01
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,980කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 463 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

