,
Covid-19

දිනය තුළ කිසිවෙක් සුවය ලබා නෑ, සක්‍රීය ආසාදිතයින් ගණන 463 දක්වා ඉහළට – දෛනික වාර්තාව

(RIVIRA.LK, 2020 ජුලි 11 පස්වරු 02.12ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 11 සෙනසුරාදා පස්වරු 01.30 වන විට 2,454ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 10 වන දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර කිසිවෙකුත් සුවය ලබා රෝහල්වලින් පිට වී නොතිබීම ද විශේෂත්වයක් වේ.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,980කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 463ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 65ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 80.6%ක් ලෙසත් මරණ අනුපාතය 0.44%ක් ලෙසත් වාර්තා වේ.

කන්දකාඩු කොරෝනා පොකුරට අදාළව මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 346ක් වන අතර ඉන්,

  • කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් – 340
  • වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් – 02
  • රැඳවියන්ගේ ආශ්‍රිතයින් – 03
  • මාරවිල ප්‍රදේශයෙන් හමුවූ උපදේශිකාව

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 15ක් ද සිටිනවා. මේ වන විට නාවික හමුදාවේ සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 10කි.

මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 2,454 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 815
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950
  • වෙනත් – 658

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 463 අතුරින්,

  • IDH රෝහල – 39
  • වැලිකන්ද මූලික රෝහල – 00
  • මුල්ලේරියාව මූලික රෝහල – 00
  • ඉරණවිල මූලික රෝහල – 34
  • කාත්තන්කුඩි මූලික රෝහල – 27
  • හෝමාගම මූලික රෝහල – 00
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 15
  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 00
  • තෙල්දෙණිය මූලික රෝහල – 00
  • යුද හමුදා රෝහල පනාගොඩ – 06
  • කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 03
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 339 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 120,730ක් වන අතර ජුලි 10 දින පරීක්ෂණ 1,749ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

Rivira Ads
To Top