(RIVIRA.LK, 2020 ජුලි 11 පස්වරු 03.14ට)
අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී ජූලි 10 දින ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන මෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.
ජූලි 11 දින සියලු මාධ්‍ය වෙත ද පිටපතක් සහිතව නිකුත් කළ අදාළ ලිපියෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ රජයේ නිල මාධ්‍යවේදී හැඳුනුම්පත නිකුත් කරන බලධාරියා වශයෙන් තමා මෙම ඉල්ලීම සිදුකරන බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත දරන මාධ්‍යවේදියෙකුට සිය නීත්‍යනුකූල රාජකාරිය බාධාවකින් තොරව සිදුකිරීමට ඇති අවස්ථාව හා සහයෝගය තහවුරු කිරීම අපේක්ෂා කරන බව එම ලිපියෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇති අතර ඊට සහයෝගය ලබා දීම සියලු පාර්ශවයන්ගේ වගකීම බව ද ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටී. කොළඹ මධ්‍යම කොට්ඨාශය බාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ පරීක්ෂණය ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියා.
අධිකරණ පරිශ්‍රයේ දී පොලිස් පරීක්ෂක රංගජීව මාධ්‍යවේදියෙකුට තග දමයි

